රාජ්‍ය ආයතන දේශපාලනීකරණයෙන් මුදාගත යුතුයි

Share

රාජ්‍ය ආයතන දේශපාලනීකරණයෙන් මුදා ගැනීමෙන් තොරව ඒවා ලාභ ලබන ආයතන බවට පත් කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (16) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය ආයතන ලාබ ලබන ආයතන බවට පත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වෘත්තිමය වශයෙන් සුදුසු පිරිසක් යොමු කළ යුතු බවද මන්ත්‍රීවරයා පවසයි.

වර්තමානයේ අමාත්‍යවරයා සිටින ප්‍රදේශයේ ජනතාවට සිය අමාත්‍යංශයට අදාල රාජ්‍ය ආයතනවල සේවයට යොමු කිරීම මිස සුදුසු පුද්ගලයින්ට රැකියා අවස්තා නොලැබෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරුන්ගේ ඡන්ද ව්‍යාපාරයට උදව් කරන පිරිසට රැකියා ලබා දෙන ස්ථානයක් බවට රාජ්‍ය ආයතන පත් වී ඇති බවද ඒ මහා පවසයි.

පත්වීම ලබා දීමේදි ඇතැම් අමාත්‍යවරුන් මුදල් ලබා ගෙන ඇති බවත් තමන් මේ බව ප්‍රකාශ කරන්නේ ඉතාමත් වගකීමෙන් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ආයතන මෙතරම් පාඩු ලබන අකාර්යක්ෂම තත්ත්වයට වැටි ඇත්තේද මේ හෙතුන් බවත් එය නවතා දැමිය යුතු  බවත් මන්ත්‍රීවරයා අවධාරණය පවසයි.

නැවතත් රාජ්‍ය ආයතන කර්යක්ෂම කිරීම සඳහා සිය පාලනයක් යටතේ කටයුතු කරන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

Read more

Local News