ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානම තවදුරටත් – කොළඹ ඩෙංගු රෝගීන් දස දහසක්

Share

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ ඩෙංගු මඳුරුවන්ගේ බෝවීම ශීඝ්‍රයෙන් වර්ධනය වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.

මේ වසරේ මුල සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 46,896 දෙනෙක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතී.

වසර ආරම්භයේ සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දස දහසකට ආසන්න බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.

රෝග ව්‍යාප්තිය වැළැක්විම සඳහා ගෙවතු පිරිසිදු කිරීම් ඇතුළු අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News