කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

බුලත්සිංහල, තිබ්බොට්ටාව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රැම් 02යි මිලිග්‍රෑම් 150ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරු බුලත්සිංහල, තිබ්බොට්ටාව ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද (19) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News