2010 සිට කිරිපිටි ආනයනට රු බි 362ක්

Share

2010 වසරේ  සිට 2019 වසරේ මැයි 22 දක්වා කාලය තුළදී මෙරටට කිරිපිටි ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 362.75ක් වියදම් කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී අද (19) අනාවරණය විය.

නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව යන රටවලින් මෙරටට  සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ගෙන්වන දේශීය සමාගම් 08ක්ද,යොදය රහිත කිරිපිටි ගෙන්වන දේශීය සමාගම් 04ක්ද,කුඩා දරුවන් සඳහා කිරිපිටි ගෙන්වන දෙශීය සමාගම් 04ක්ද තිබෙන බවද මෙහිදි හෙළිවිය.

ඒ අනුව 2010 වසරේදී රුපියල් බිලියන 30.39ක්ද,2011 වසරේදී රුපියල් බිලියන 36.47ක්ද,2012 වසරේදී රුපියල් බිලියන 37.67ක්ද,2013 වසරේදී රුපියල් බිලියන 35.27ක්ද,2014 වසරේදී රුපියල් බිලියන 44.02ක්ද,2015 වසරේදී රුපියල් බිලියන 31.79ක්ද,2016 වසරේදී 32.65ක්ද,2017 වසරේදී රුපියල් බිලියන 44.87ක්ද,2018 වසරේදී රුපියල් බිලියන 50.31ක්ද,2019 වසරේ මැයි 22 දක්වා රුපියල් බිලියන 19.25ක්ද වැය කර තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලිනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම ,සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා මෙම කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සඳහන් කළේ මේ වනවිට කිරිපිටි සම්බන්ධව සමාජයේ යම් විරෝධයක් පැන නැගී තිබෙන බැවින් මේ වසරේදී රුපියල් බිලියන 25ත් 35ත් අතර ප්‍රමාණයක් කිිරිපිටි ආනයනයට වැයවනු ඇතැයි උපකල්පනය කරන බවයි.

Read more

Local News