09 වැනි දිනටත් ආබාධිත රණවිරුවන් විරෝධතාවයේ

Share

විශ්‍රාම වැටුප ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කළ විරෝධතාව අද (19) 09 වන දිනටත් පැවැත්වෙයි.

විරෝධතාව පැවැත්වෙන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් ආරම්භ කළේ පසුගිය 11 වනදායි.

විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ට රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ඊයේ(18) තහනම් නි‍යෝගයක් ද නිකුත් කළේය.

Read more

Local News