නෙළුම් කුලුනේ අක්‍රමිකතා ගැන අපක්ෂපාතී පරීක්ෂණයක්

Share

කොළඹ නෙලුම් කුළුණ ඉදිකිරීමේදී සිදුවු බව පැවසෙන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කොප් කමිටුව විමර්ශනයක් සිදුකරන බව එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති කොප් කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

2016 වර්ෂයේ 6 වන මස 23 දින විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව කැඳවා මේ පිළිබඳව සාකච්ඡා සිදු කළ බවත් නෙළුම් කුලුන ඉදිකිරීම් පිළිබඳ දීර්ඝ විස්තරාත්මක වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් 2019 අප්‍රේල් 1 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

එම වාර්තා දෙකේම මේ පිළිබඳ විස්තරාත්මක වාර්තා ඇති බවත් ඉදිරියේදී ඉතා ඉක්මනින් විදුලි සංදේශ නියාමන කොමිසම කැඳවා මේ පිළිබඳ විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර මෙහි ඇති මූල්‍ය අඩුපාඩුකම් අක්‍රමිකතාවයන් හා දූෂණයන් සිදුව ඇතිනම් ඒ පිළිබඳ විමර්ශනය කරන බවත් හඳුන්නෙත්ති මහතා පැවසීය.

Read more

Local News