Tuesday, March 19, 2024.

දුම්රිය අදත් අකුරට වැඩ

Share

වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය සේවකයින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

දුම්රිය වෘත්තිය සමිති පැවසුවේ සිය ඉල්ලීම් ඉටු නොවුනහොත් ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට දුම්රිය රියදුරුන්, දුම්රිය නියාමකවරු, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් නියෝජනය කරන වෘත්තිය සමිති එක්ව සිටියි.

Read more

Local News