රාජ්‍ය ආයතන වෘත්තීය සමිති කිහිපයක් වර්ජනයක

Share

වැටුප් හා දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලණය අද (23) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එක් පාර්ශවයකට පමණක් දීමනා වැඩි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට විරෝධය පල කරමින් අද උදෑසන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත්කරන බව එම සංගමයේ ජාතික සංවිධායක බී.ඒ.පි.බස්නායක මහතා පැවසුවේය.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා ග්‍රාම නිලධාරීවරුන්, සංවර්ධන නිලධාරීවරුන්, රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීවරුන් ඇතුළු වෘත්තීය සමිති 34ක සාමාජිකයින් විශාල පිරිසක් සහය පල කර ඇති බව ඔහු පැවසීය.

Read more

Local News