කින්නියාහී සිදු වූ රිය අනතුරකින් දැරියක් ජීවිතක්ෂයට

Share

ත්‍රීකුණාමලය මඩකලපුව මාර්ගයේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරින් දැ‍රියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(23) සවස 3.40 ට පමණ මෙය සිදුව ඇත.

පාලම අසල ප්‍රදේශයේ දී කාර් රථයක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කැබ් රථයේ සිටි දැරියක් කින්නියා රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 14 ක් වු‍ තෝපූර්, මූතූර් ලිපිනයේ පදිංචි ශර්මිලා උම්මා යන අයෙකි.

මෘත ශරීරය කින්නියා රෝහලේ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් කාර් රථය හා කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

කැබ් රථයේ රියදුරු කින්නියා රෝහලේ හා කාර් රථයේ රියදුරු ත්‍රීකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබයි.

කින්නියා පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Read more

Local News