ගාල්ල හා මාතරට විදුලි සැපයුම අත්හිටුවයි

Share

පවතින අධික වර්ෂාවත් සමග ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල විදුලි පාරිභෝගිකයින් අට දහසකගේ විදුලි බලය විසන්ධි කර තිබේ.

විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, ආරක්ෂක හේතුන් මත මෙම පියවර ගත් බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගිකයින් දහසකගේ ද මාතර දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගිකයින් හත් දහසකගේ ද විදුලිය බලය විසන්ධි කර ඇතැයි ඔහු පැවසී ය.

Read more

Local News