යාපනය මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයක් වලක්වමින් අතුරු තහනම් නියෝගයක්

Share

2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන අය අතුරුදන් වීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩු විභාගයක් සඳහා සාක්ෂි ලබාදීමට ලබන 27 වන දා පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර ඇති නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග නිකුත් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා තම පෙත්සමෙන් සඳහන් කර තිබුණේ ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යන අය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති හෙබියස් කෝපුස් නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා තමාට මේ මස 27 වන දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා එම අධිකරණය මගින් සිතාසි නිකුත් කර ඇති බවයි.

Read more

Local News