මම රණවිරුවන්ට දේවත්වයෙන් සලකනවා – සජිත්

Share

තමා රණවිරුවන්ට දේවත්වයෙන් සලකන බවත් ඔවුන් වෙනුවෙන් අනිවාර්යෙන්ම යුතුකම් ඉටුකළ යුතු බවත් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද(24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් රණවිරු ප්‍රජාව පිළිබඳව හොඳ ධනාත්මක තිරණක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

රණවිරුවන් සම්බන්ධයෙන් අද දින පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වූ වබට මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වර්ශාව හේතුවෙන් අද දිනයේ තමාට කැබිනට් රැස්වීම සඳහා පැමිණීමට ප්‍රමාදවූ බවත් ඒ වන විටි ඇතැම් කැබිනට් පත්‍රිකා සාකච්ඡාවට ගෙන තිබූ බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News