ලංකාවේ ඡන්දය හිමි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ජනපතිවරණයේදී මෙරටට ?

Share

ශ්‍රී ලංකාවේ ඡන්ද බලය හිමි සියලු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එළැඹෙන ජනාධිපතිවරණයේදී මෙරටට පැමිණ තමා වෙනුවෙන් ඡන්දය ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සංවිධාන කළ ජනාධිපතිවරණ ප්‍රවර්ධන වැඩසටහනකට සුභාෂිංසන එක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ඉල්ලීම සිදුකර තිබේ.

විදෙස් රටවල පදිංචි මෙරට ඡන්ද බලය හිමි ශ්‍රී ලාංකික පුරවැසියන් ජනාධිපතිවරණය වෙනුවෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන පළමු අදියර ප්‍රංශයේ පැරිස් නුවරදී පැවති අතර මව්බිම වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ සංවිධානය මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වු මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පසුගිය පුංචි ඡන්දයේ දී ඡන්ද ලබා දුන් මිනිසුන් කිසිදු ආකාරයකින් සජිත් ප්‍රේමදාසට, රනිල්ට හෝ විජේදාස රාජපක්ෂ මහතාට ඡන්දය ලබා නොදෙන බවයි.

ඔවුන් පැහැදිලිවම ගෝඨාභය මහතාට ඡන්දය ලබා දීමට බලන බවත් පැවසු ඒ මහතා පැවසීය.

රට තුළ දැනට ඇති තත්ත්වය අනුව ඉදිරි ජනාධිපති වරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාව ඡන්දයට ඉදිරිපත් කිරීමෙන් පසුව පරාජය කිරීමේ හැකියාවක් කිසිසේත්ම නැති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News