ප්‍රහාරය ගැන සොයන කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි

Share

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව වැඩිදුර සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය සැප්තැම්බර් 21 වන දින පත් කරන ලද පරික්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා සභාපතිවරයා ලෙස කටයුතු කරන මෙම කොමිසමේ සෙසු සාමාජික සාමාජිකාවන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරි, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රාණි සේනාරත්න යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

කොමිසමේ පළමු අතුරු වාර්තාව මාස 03ක් ඇතුළත් ජනාධිපතිවරයා වෙත භාරදියයුතු වේ.

මාස 06 ක් ඇතුළත විමර්ශනයෙහි නිගමනය, නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව කොමිසමේ සියලූ සාමාජිකයන්ගේ අත්සනින් යුතුව භාරදිය යුතු වෙයි.

Read more

Local News