නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට

Share

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන්ගෙන් දෙදෙනෙක් කුවේට් සිට පැමිණි ගුවන් යානයේ සිටි පැමිණ ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙක් නිට්ටඹුව, වේවැල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

අනෙක් පුද්ගලයා 27 හැවිරිදි කොළඹ, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මොවුන් දෙදෙනා අද අලුයම 1.40 ට කුවේට් ගුවන් සේවයේ කේ.යූ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ .

ඩුබායි සිට පැමිණි ගුවන් යානයක වූ මගීන් දෙදෙනෙකු ද මෙසේ නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන විත් තිබුණි .

අනෙක් සැකකරුවන් දෙදෙනා අද අලුයම 4.50 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

30 හැවිරිදි වියේ පසුවන මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු රත්නපුර , පිටවාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර අනෙක් පුද්ගලයා කුළියාපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික් බව පරීක්ෂණ වලදී අනාවරණ ය වී තිබේ.

මොවුන් සියලු දෙනා තම ගමන් මලු වල රුපියල් 49,08,000 (හතලිස් නව ලක්ෂ අට දහසක් ) වටිනා දුම්වැටි 81,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 409 ක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.ඩී.කේ.සෙනෙවිරත්න මහතා විසින් පවත්වා ඇත.

අනතුරුව මෙලෙස නීතිවිරෝධීව රැගෙන විත් තිබූ දුම්වැටි සියල්ල රාජසන්තක කර, මෙම ගුවන් මගීන් සිව් දෙනාට රුපියල් 1,15,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.

Read more

Local News