රට යළිත් සීඝ්‍රයෙන් සෞභාග්‍යමත් රටක් කළ යුතුයි

විශ්‍රාමික පුරවැසියෙක් යනු රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් තම වගකීම ඉටුකොට,විශ්‍රාම ගොස්,ජීවිතයේ සැඳෑ සමය ගෙවනා අයෙක් වුවත් තවමත් ක්‍රියාශීලී පුද්ගලයින් ලෙස ඉන්න කොටසක් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

විශ්‍රාමිකයින්ගේ ජාතික සම්මේලනය ඊයේ (24) සවස කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්විනි.

එම අවස්ථාවේදි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

විපක්ෂ නායක,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මේලනය සඳහා රජයේ සේවයේ නියුක්තව සිට මේ වන විට විශ්‍රාමගොස් සිටින විශාල පිරිසක් සහභාගි වූහ.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා,

“තමන් මමත් රජයේ විශ්‍රාමිකයෙක්.විශ්‍රාමිකයින් අතර විවිධ ප්‍රශ්න තිබෙනවා. රාජ්‍ය සේවකයෙක් ලෙස කටයුතු කරමින් සිට කිසියම් වයසකදී විශ්‍රාම යන විට මාසිකව ලැබුණු වැටුප එකවර නවතිනවා.

අඩු ආදායමකින්ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා. නමුත් මේ කාලයේ විවිධ හේතුන් නිසා ජීවත් වෙන්න වැඩි මුදලක් අවශ්‍ය වෙනවා.

අපේ සමාජයේ තිබෙන තත්ත්වය අනුව විශ්‍රාමිකයින්ට තනිව ජිවත් වෙන්න සිදුවෙනවා.එක්තරා විශ්‍රාමික පුද්ගලයෙක්මට හමුවුනා. ඔවුන්ට තනිවම ජීවත් වෙන්න තිබෙන පහසුකම් අඩු වීම ප්‍රශ්නයක්.

අපේ රටේ එවැනි සැලැස්මක් තවම නැහැ. මට හමුවුනු පුද්ගලයා කිව්වේ යම්කිසි මුදලක් ගෙවලා සමූහයක් විදියට ජිවත් වෙන්න තිබෙනහැකියාවන් ව්‍යාපාරයක් විදියට හෝ ඇරඹීමට නීති පද්ධතියක් නැති කම ප්‍රශ්නයක් බවයි.

දියුණු රටවල විශ්‍රාම ගිය අයට එලෙස ජීවත් වීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. අපේ රටෙත්එවැනි අවශ්‍යතාවයක් ඇති වෙමින් තිබෙනවා.

දරුවන් විදෙස්ගත වීම. දූදරුවන්ට නිවෙස්දීලා වෙනම ජීවත් වෙන්න කැමැති වැඩිහිටියන් ඉන්නවා. ඒ නිසා අපිට ඊට අවශ්‍ය නීති රීතිහදා ගන්න වෙනවා.විශ්‍රාම වැටුප්තුළ විවිධ විෂමතාවයන් ඇති වෙලා තිබෙනවා. මම වසර 20ක් හමුදාවේ සේවය කරලා 1992 විශ්‍රාමගියා.

එම නිලයෙන්ම විශ්‍රාම යන නිලධාරියෙක් අද ලබන වැටුපෙන් අඩකටත් අඩු ප්‍රමාණයක්තමයි අපිට ලැබෙන්නේ. විවිධ ආණ්ඩු,විශ්‍රාම වැටුප් ප්‍රශ්නයට විසදුම් දුන්නත් තවමත් සම්පූර්ණයෙන් මේ ගැටලුව විසදලා නැහැ.

රාජ්‍ය සේවයේ විශාල කැපකිරීම් කර විශ්‍රාම යන අයට ජීවත් විය හැකි වේතනයක් ලැබිය යුතුයි. එකවරම ජීවන වියදම වැනි මුදල් ඇණ හිටියාම ප්‍රශ්නයක්. අද මේ ප්‍රශ්නය ආබාධිත රණවරුවන්ටත් බලපා තිබෙනවා.

මේවා පිළීබදව නිශ්චිත වැඩපිළීවෙලක් රජයකට තිබිය යුතුයි.  විශ්‍රාමිකයින්වෙනුවෙන් වගේම සමස්තයක් ලෙස වැඩිහිටි පරම්පරාව ජීවත් කිරීම සදහා රජයකට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. අද විශ්‍රාම යන වයස ක්‍රමයෙන් වැඩි කිරීමට බොහෝ රටවල් පියවරඅරන් තිබෙනවා. සමහර අවස්ථාවල විශ්‍රාම යන අයට තවදුරටත් සේවය කිරීමේ හැකියාවතිබෙනවා. මේ අයගේ පළපුරුද්ද දැනුම රටට සමාජයට තව දුරටත් සේවයක් කිරීම සදහා යොදා ගතහැකියි.

මේවා ගැනත් අපි රජයක් ලෙස ඉදිරියේදී සලකා බැලිය යුතුයි.රටක ආර්ථිකයඉදිරියට ගෙනියන්න නම් මිනිස් සම්පත බලගන්වන්න අවශ්‍යයි. රජයක ප්‍රධාන සම්පත වෙන්නේමිනිස් සම්පත බල ගැන්වීමයි.

මිනිස් සම්පත රටේ ආර්ථිකයට සේවයක් කළ හැකි වන පරිදි,නිපුණත්වයදියුණු කිරීමේ ක්‍රමවත් වැඩ පිළීවෙලක් අවශ්‍යයි. තමන්ගේ ළමයින්ගේ ළමයි ගැනත් ඔබහිතනවා. අපේ තරුණයින්ට ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ තරුණ හැකියාවන් හා නිපුණත්වයදියුණු කිරීමේ ක්‍රමවත් වැඩ පිළිවෙලක් නැති නිසයි. ක්‍රමවත් වැඩ පිළීවෙලක් තිබෙනවානම් අඩු වයසින් විශ්‍රාම යාම පවා නැති කළ හැකියි. වයස් සීමාවකින් තොරව ආර්ථිකයටඑක් වියහැකි ක්‍රමවේද රැසක් තිබෙනවා. නිවසේ සිට හොද වේතනයක් ලැබිය හැකි රැකියාවක්කිරීමේ හැකියාව තිබෙනවා.

අපේ ළමයි පොත පතඉගෙන ගැනීමට පමණක් යොමු වෙලා තිබෙනවා. දෙමව්පියන් පවා දරුවන්ව පොත පතට යොමු කරන්නේඔවුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් හෝ තාක්ෂනික අධ්‍යාපනයක් ලබා ගෙන හොද රැකියාවකටයාමේ අවශ්‍යතාවය තිබෙන නිසයි.  ලක්ෂ දෙකක්පමණ විශ්ව විද්‍යාලයට තේරීපත්වෙනවා.

ඉතිරි අය අතරමග. සාමාන්‍ය පෙල විභාගයේදීත් මේවිදියට වෙනවා.නමුත් ලෝකයේආර්ථිකය දෙස බලන කොට මේ තරුණ තරුනියන් වෙනුවෙන් ආර්ථික ක්‍රමවේද ගණනාවක් තිබෙනවා.නමුත් ඒ සදහා රජය ක්‍රමවේදයක් සකසන්නේ නැහැ. තාක්ෂණ අංශයෙන් අපේ දරුවන් පුහුනුකලොත් ආර්ථිකයට බලපාන හොද වේතනයක් ලැබීමේ රැකියා ලබා දීමේ හැකියාව තිබෙනවා. තරුණතරුනියන් අතරමං නොවී ආර්ථිකයට එක් කර ගැනීමේ එවැනි වැඩ පිළිවෙලක් අපිට තිබෙනවා.

විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න සුදුසු කම් ලබන සියල දෙනාට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව දිය යුතුයි. කළා අංශයෙන් ඉගෙන ගත් අයට පවා තාක්ෂනික අංශයේ රැකියා තිබෙනවා.

ආර්ථීකයට සුදුසු විවිධ කාරමික ක්ෂේත්‍රයන්ගේ අංශවලට යොමු කරන ක්‍රමයක් පාසලේදීමඇති කළ යුතුයි. ඉංග්‍රීසි ගණිතය තාක්ෂණය වෙනුවෙන් දරුවන් යොමවන ක්‍රමයක් තිබියයුතුයි. ඔබලා ඔබ ගැන වගේම ඔබගේ දරුවන් ගැන පවා උනන්දුවන පිරිසක්.ඒ නිසා දිගුකාලීනඅධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසනවා වගේම කෙටිකාලීනව තරුණ තරුනියන්ට රැකියා ලබා දීමේවැඩපිලිවෙලක් සැකසීමත් අවශ්‍යයි. අද රජයේ විශ්ව විද්‍යාලවලත් හරිත විශ්ව විද්‍යාලතිබෙනවා.

මෙවැනි විශ්ව විද්‍යාල අපි තවත් හැදිය යුතුයි. ගොඩනැගිලි හැදීම ගැනනෙවෙයි මම කතා  කරන්නේ. මේ උසස් අධ්‍යාපනයසදහා සුදුසුකම් ලබන තරුණ තරුනියන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව ඇති වන ලෙසඅධ්‍යාපනය වෙනුවෙන් අපි විශාල මුදලක් වෙන් කරනවා. කාර්මික විද්‍යාල ගැනත් මේවිදියටම අවධානය යොමු කළ යුතුයි. කාර්මික විද්‍යාල වලින් පිටවෙන අයටත් ලොව පුරා හොදවැටුපක් සහිත අවස්ථා තිබෙනවා.

ඒ විදියටම ලෝකය පුරා හෙදියන්ටත් රැකියා අවස්ථාතිබෙනවා. ඉංග්‍රිසි දැනුම වගේම හොද පුහුණුවක් ඔවුන්ට ලබා දුන්නොත් විදෙස්ගතව සේවයකිරීමේ හැකියාවත් ඔවුන්ට ලැබෙනවා.අපේ  ආර්ථිකයේ සංචාරක අංශය ඉතා වැදගත්. ඒ සදහා එමඅංශයේ නිපුණත්වය ලැබූ අය සිටිය යුතුයි.

විශේෂයෙන් කළා අංශයෙන් ඉගෙන ගත් ළමුන්ටසංචාරක අංශයෙන් හොද පුහුණුවක් ලබා දුන්නොත් රැකියා අවස්ථා ලැබෙනවා. තොරතුරුතාක්ෂණයේ තිබෙන රැකියා අවස්ථා පිළීබදවත් අපේ අවධානය යොමු කළයතුයි. ළක්ෂ තුනක පමණතොරතුරු තාක්ෂණයේ නිපුණත්වය ලැබූ  අයගේඅවශ්‍යතාවයක් තිබෙනවා. අපි කෙටි කාලීනව මෙවැනි අය පුහුණු කිරීමේ ක්‍රමවේදයක් තිබියයුතුයි.

ඒ සමඟම නවීන තාක්ෂණයට අවශ්‍ය පරිදි අපේ තරුණයින් පිහුණු කිරීමත් කළයුතුයි. වඩා අර්ථවත් ආර්ථික සැලැස්මක් තුළින් අපේ ජනතාව බලගැන්වීම තුලින් ජනතාවගේජීවන තත්ත්වය ඉහළට ගැනීමේ හැකියාව තිබෙනවා. සෑම මට්ටමකම ජන කොටස් හොඳ ජිවත ගත කරනතත්ත්වයක් ඇති කළ යුතුයි. තවමත් දිලුදු බවින් පෙලෙන ජනතාව සිටිනවා. ජවත් වීමට අවශ්‍යආදායමක් නොලැබෙන අයත් ඉන්නවා.

අඩු පාඩු හදුනාගෙන සුදුසු ලෙස පිළියම් සැකසීම මගින් අපිට මේ ප්‍රශ්නවලට විසදුම් සැපයිය හැකියි. තරුණතරුනියන් බලගැන්වීම තුළින් නිපුණත්වය වර්ධනය කිරීම තුළින් අපිට සංවර්ධනය කරා යාහැකියි. සමස්තයක් ලෙස ආර්ථීකය ඉහළට ගෙනාවොත් සෑම ජන කොටසකටම අවශ්‍ය ජිවත් විය හැකිනිවසක්,සෞඛ්‍ය පහසුකම්,දරුවන්ට හොද අධ්‍යාපනයක්,එදිනෙදා ජීවත්වීමට සුදුසු පරිසරයක් සැකසීමේ හැකියාව ලැබෙන්නේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමෙන් විතරයි. අපි මේ පිළීබදව අධ්‍යනයකර තිබෙනවා.

පැහැදිලි දැක්මක් ඇතිව ක්‍රියාත්මක වුනොත් අපිට බලාපොරොත්තු වෙන තැනටයාමේ හැකියාව තිබෙනවා.අපි කතා කරනවා වගේමසැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බාරගත්තේ අභීයෝග පිරුණු රටක්. පැවැති ත්‍රස්තවාදය අවසන් කරන්න හැකි වෙයි කියලා කවුරුත් සිතුවේ නැතිතත්ත්වයක ත්‍රස්තවාදය අවසන් කිරීමේ හැකියාව එතුමාට තිබුණා. කවුරුත් නොදුටු ආකාරයේ විශාල සංවර්ධනයක් කරා රට ගෙන යාමටත් හැකිවුනා. අධිවේගී මාර්ග,වරාය ගුවන්තොටුපල ඇතිකළා. සංවර්ධනය වෙන රටකට මේවා වැදගත්.

වරායක් කියන්නේ සංවර්ධනයක්. ඕනෑම රටකට දෙවැනිගුවන් තොටුපලක් තිබීම වැදගත්. මේ සියල්ල අපිට ලැබුනේ මහින්ද රාජපක්ෂ පාලන කාලයතුළයි. ඒවා සැලසුම්වලට විතරක් සීමා නොකර ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති පිරිසක්මහින්ද රාජපක්ෂ මහතා සමග හිටිය නිසයි අපිට එවැනි දියුණුවක් රටට ගේන්න හැකියාවලැබුනේ. සැලසුම් ගැන කතා කරනවා වගේම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනබවත් අපි පෙන්වලා තිබෙනවා. ඒ සාර්ථක වැඩ පිළීවෙල 2015දි නතර වුනා.රටේ ආරක්ෂාවපිළිබදව ඔබ උනන්දුයි.

අවුරුදු 10ක කාලයක් නැවත ත්‍රස්තවාදයක් ඇති නොවන විදියේ වැඩපිළීවෙලක් අපි ක්‍රියාත්මක කළා. පාතාලය,ක-ුඩු අපි පාලනය කර තබුණා. අද වෙන කොටආර්ථිකය කඩා වැටෙමින් තිබෙනවා. ජිවන වියදම වැඩිවිමත් සමග අඩු වේතනයක් ලබන විශ්‍රාමිකයන්ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් සිටිනවා. අපි මේ රට නැවතත් සීඝ්‍රයෙන් දියුණූ වනසෞභාග්‍යමත් රටක් කරන්න ඕනේ. නැවතත් සංවර්ධනය කරා රට යොමුකර රටේ ආරක්ෂාව සුරක්ෂිතභාවය,ජනතාවගේ රැකවරණය,ජිවන තත්ත්වය කියන මේ සෑම දෙයකටම පැහැදිලි තීරණ ගන්න සෘජු නායකත්වයක් අවශ්‍යයි. ඒ සදහා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා.”