පිස්තෝලයක් සමඟ සැකකරුවන් පහක් අත්අඩංගුවට

Share

මඩකලපුව පොලිස් වසමේ කල්ලියන්කාඩු ප්‍රදේශයේ දී පිස්තෝලයක් සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පිස්තෝලය හා එයට භාවිතා කල හැකි උණ්ඩ 10 ක් ළඟ තබා ගෙන ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත සොරකමට සම්බන්ධ සැකකරුවන් 3 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් අනුව තවත් සැකකරුවන් 2 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් කල්ලඩි, මඩකලපුව, ඉලුප්පඩිවේන, කරුවප්පන්කේනි, කුලාවාඩි ප්‍රදේශවල පදිංචි අවුරුදු 45, 41හා 39 වන වයස්වල පසුවෙන අය බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද (25) දින මඩකඩපුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

Read more

Local News