රණවිරු විරෝධතාවත් අඛණ්ඩව

Share

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිදුකරන විරෝධතාවයේ 19 වන දිනය අදයි.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිදුකරන විරෝධතාවයේ නිරත වූ රණවිරුවන් 05 දෙනෙකු ආරම්භ කළ මාරන්තික උපවාසය ඊයේ පෙරුවරුවේ අවසන් කළේය.

කෙසේ වෙතත් එම රණවිරුවන් වෙනුවට එම බලවේගයේ සභාපති යූ.ඩී වසන්ත මහතා ඊයේ පස්වරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

ඊයේ රාත්‍රියේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පිරිසක් පැමිණ මාරන්තික උපවාසයේ නිරත යූ.ඩී වසන්ත මහතාගේ සහ විරෝධතාවයේ නිරත රණවිරුවන්ගේ සහ රණවිරු බිරින්දෑවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කර ඇත.

එමෙන්ම විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ට සෙත් පතා ඊයේ රාත්‍රීයේ කොටුව දුම්රියපළ අසල දේව කන්නලව්වක්ද පැවැත් වුණි.

මේ අතර සාමාන්‍ය ජනතාව විරෝධතාවයේ නිරත රණවිරුවන් සඳහා ඊයේ රාත්‍රීයේ තේ පැන් සංග්‍රහයක් ලබා දුන්නේය.

Read more

Local News