ගෝඨාට ශ්‍රිලනීප සහාය හිම්වෙයිද ?

Share

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාරදීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ ලකුණ පිළිබද එකගතාවකට එළඹීමට ජනාධිපතිවරයා වෙත යෝජනා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මහ මැතිවරණයකදී වෙනස් ලකුණකින් තරග කිරීමට අවශ්‍ය එකගතාවන් ඇති කර ගැනීමට පියවර ගන්නා බව විමල්වීරවංශ මහතා ඊයේ (28) ජනාධිපතිවරයා පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේ දි  ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හිමිවනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා මෙහිදී පැවසීය.

Read more

Local News