මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක්

Share

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ ජනාධිපතිවරණයට එක්වන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් වල නියෝජිතයින් අතර සාකච්ඡාවක් මෙම සතියේදී කැඳවා තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මස 02 වනදා අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවටයි වාර්තා වන්නේ.

පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිළධාරීන් හමුවන දෙවන අවස්ථාව මෙය වෙයි.

මෙහිදී ජනාධිපතිවරණය පිළිබඳව සහ එහි ප්‍රචාරක කටයුතු පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත බවට වාර්තා වෙයි.

Read more

Local News