සජිත් ප්‍රේමදාස හිස් පොල් කොම්බයක්ද ?

Share

පාසලේ දෙක ශ්‍රේණීයේ නායක පට්ටම ලබා ගැනීමට කුඩා දරුවන් දවස ගානේ හොඳ වැඩ සිදු කර ගුරුතුමියට පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේකෂක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට තමන් කළ හොඳ ගැන පවසන බව ජනාතා විමුක්ති පෙරමුණ පවසයි.

කළුතර ප්‍රදේශයේ ඊයේ (29)පැවති ජන හමුවක් අමතමින් ජනතා විමුත්කි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.

දේශපාලන නායකත්වය යනු අවදිවන වේලාවවත් නිදා ගන්නා වේලාවවත් නොවන බවද ඒ මහතා පැහැදිගි කළේය.

දේශපාලන නායකත්වය සඳහා රට දියුණු කිරීමට මෙන්ම රටේ පැවැත්ම සම්බන්ධයෙන් මනා දැක්මක් සහ දර්ශනයක් තිබිය යුතු බව මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු විටකදි රට දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තීමය කරුණු දැක්වීමක් සිදු කර නොමැති බවද මන්ත්‍රීවරයා පවසයි.

සිල්ලරට මතුපිටින් කතා කරන නායකයෙකුගෙන් රටක් සෑදීමට නොහැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සිය පක්ෂයේම අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක මහතාද , සජිත් ප්‍රේමදාස මහතාට සමාන්‍ය පෙළ සමත් සහතික පත්‍රය පෙන්වන ලෙසට කළ අභියෝගයට තවමත් පිලිතුරු සපයා නොති බව පැවසු නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පැවසුවේ සජිත් ප්‍රේමදාස යනු හිස් පොල් කොම්බයක් බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද මන්ත්‍රීයවරයා අදහස් පල කළේය.

එහිදි ඔහු පැවසුවේ පසුගිය ආණ්ඩු සමයේ ආක්ෂක ලේකම් ධුරය දරන අවස්ථාවේ ජනාව කළ ප්‍රශ්ණ වලට දැන් පිලිතුරු සැපයිය යුතු බවයි.

රටට දිව හිමියෙන් සේවය කළේ නම් 1991 වසරේදි යුද හමුදා සේවයෙන් අස්වී අමේරිකාවට යාමට හෙතුව සහ එරට පුරවැසීභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් හෙතු දැක්විය යුතු බවද ඒ මහතා ප්‍රශ්න කළේය.

ජනාධිපතිධූරය ලබා ගැනීමට ජනතාව ඉදිරියට යන්නේ නම් එම අපේක්ෂකයන් සම්බන්ධයෙන් විනිවිධ භාවයක් රටේ ජනතාවට පෙනිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News