තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ වන ලකුණු

Share

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසන් සභාවේ අවධානය යොමුව තිබේ.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්වීමට නියමිතව තිබුණ ද එහි කාලය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධව අද පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම පසුගිය 18 වැනිදා සිට ආරම්භ වූ අතර අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව ඇත.

Read more

Local News