එළවළු මිල ඉහළ යයිද ?

Share

මධ්‍යම පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයන නාඋල, අඹන මහ වෙල්යායේ අස්වනු නෙළිමට වර්ෂා තත්ත්වය බාධාවක් වී ඇතැයි ගොවීහු පවසති.

අක්කර පන්සීයක් පමණ වූ අඹන වෙල් යායේ වී වගාවට අමතරව බෝංචි ,මෑ, වැටකොළු, මිරිස්,තක්කාලි, ගෝවා,බතල,බණ්ඩක්කා,වට්ටක්කා මෙන්ම කැකිරි වැනි එළවළු වගා කරති.

බෝවතැන්න ජලාශයෙන් නිකුත්වන දියවර ඔස්සේ වසරට තුන්වතාවක් වගා කටයුතු සිදුකරනු  ලබන අඹන මහ වෙල්යායේ මෙවර ද විවිධ එළවළු වගාකර තිබේ.

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අස්වනු නෙළිමට අමතරව පළිබෝධ පාලනය ආදී කටයුතු සදහා ද  වර් ෂාව  බධාවක් වී ඇති බව අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වන වයි.එම්.සී.බණ්ඩාර මහතා ඊයේ (29) කියා සිටියේය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නිසි පරිදි  වගා නඩත්තු කර ගැනීමේ නොහැකි යාව හේතුවෙන් ඉදිරි දින කිහිපයේ එළවළු මිල ගණන් වල ඉහළ යෑමක් සිදුවිය හැකි බව ද හෙතෙම කියා සිටියේය.

මේ වන විටත් පොහොර යෙදීම,කෘමිනාශක යෙදීම මෙන්ම ජල කළමණාකරණය ආදී කරුණු වලදී ගොවීන්ට සිය කටයුතු වලට බාධා එල්ලවීම වගාවන් හි ඉදිරි අස්වැන්න සම්බන්ධයෙන් ද ගැටලු  ඇති විය හැකි බව හෙතෙම කියා සිටියේය.

Read more

Local News