වත්මන් ආණ්ඩුව රට තුළ ත්‍රස්තවාදී බියක් ඇති කළා

Share

වත්මන් ආණ්ඩුව රට තුළ ත්‍රස්තවාදී බියක් ඇති කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදි අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ මහ සංඝරත්නය සිර ගෙයට නියම කරන විට සජිත් ප්‍රේමදාස මහතා ඒ බව නොදුටු බවයි.

වර්තමානයේ නැවතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිර ඇඳුම් ඇන්දවීමට කටයුතු කරන බව පැවසු මන්ත්‍රීවරයා පැවසුවේ බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදී සහරාන්ට සහය දුන් පිරිසට කිසිදු නීතිමය පියවරක් නොගන්නා බවයි.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ රට තුල තිබු ත්‍රස්තවාදි බිය නැති තකළ බවත් වත්මන් ආන්ඩුව නැවත් ත්‍රස්වාදි බිය ඇති කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පසු ගිය ආණ්ඩුව යුදමය වැනි අභියෝග වලට මුහුණ දෙමින් රටේ ආර්ථික වාර්ධනය වේගය වැඩි කළ බවත් වත්මන් ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොමැතිව ආර්ථික වර්ධන වේගය පහලට දැමු බවටද  චෝදනා කළේය.

Read more

Local News