සියලු කාන්තාවන්ට කරන දෙයක් ගැන බැසිල් කියයි

Share

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වු විගස කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

“සමහරු කියනවා අපිට තියෙන ඇඳ ණය ටික කපලා දෙන්න කියලා.

මම බැලුවා ඒ මොකක්ද කියලා. බැලුවහම ණය දීපු අය එකතු කරන්න ආවහම පොඩ්ඩක් පරක්කු වුණොත් කාමරේ ඇතුළට ගිහිල්ලා ඇඳ උඩ ඉදගන්නවලු ණය දෙනකල්. ඒවට තමා ඇඳ ණය කියන්නේ.

ඊට පස්සේ මාලේ හරි ගලවලා දෙනවා. හුඟක් අයගේ මාල නෑ.

මහින්ද මහත්තයා ගෙදර මුල්තැන අම්මාට කියලා අපේ ගෘහණියගේ ආර්ථිකය ශක්තිමත් කළා.

මැද පෙරදිග යන්නැතුව ගෙදර ජීවත් වෙන ගමන් යම් ආදායමක් උපයන්න ස්වයං රැකියා නිර්මාණය කළා.

එදා කිවුවේ අපේ කතට සිරිකත කියලා. දැන් සිරිකත නෙවේ ණය කත.

නොවැම්බර් මාසයේ 16 වෙනිදා ගෝඨාභය මේ රටේ ජනාධිපති වෙලා සතියක් යන්න කලින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ටික කපලා දාල සියලු කාන්තාවන් ණයකත නෙවේ සිරිකත කරනවා.”

Read more

Local News