ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ 30 වන සංවත්සර උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Share

ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ (LEARN) 30 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊ‌යේ (07) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.

ජාතික පර්යේෂණ හා අධ්‍යාපන ජාලය මෙරට පර්යේෂණ හා අධ්‍යාපන ප්‍රජාවගේ අවශ්‍යතා සඳහා කැපවී සිටින විශේෂිත අන්තර්ජාල සේවා සපයන්නකු වන අතර, ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල සහ පර්යේෂණ හා සංවර්ධන ආයතන එකිනෙක හා සම්බන්ධ කිරීම මෙන්ම අන්තර්ජාල හරහා එම ආයතන ලෝකය වෙත සමීප කරවීම මේ හරහා සිදු කෙරේ.

1989 දී ආරම්භ කෙරුණු ජාතික පර්යේෂණ හා අධ්‍යාපන ජාලය ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අරමුණ පෙරදැරිව ගතානුගතික ඉගෙනුම් ක්‍රමවේද හා සීමාවන් අතික්‍රමණය කරමින් පුළුල් අධ්‍යාපනික අවස්ථා උදාකරන ජාලයක් ලෙස මේ වන විට පුළුල් මෙහෙවරක නිරතව සිටි.

ඉගෙනීම නංවාලීම සහ එය ජාතික පර්යේෂණ හා අධ්‍යාපන ජාලයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා දායකවූවන් වෙනුවෙන් ඇගැයීම් සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

Read more

Local News