ගෝඨා වෙනුවෙන් දුමින්ද-වීරකුමාරත් පොහොට්ටුවේ මංගල රැළියට

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ජනරැළි මාලාවේ මංගල රැළිය මේ වන විට පැවැත්වෙයි.

අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම රැළිය අද පස්වරුවේ ආරම්භ විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැළිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියි.

මේ අතර මෙම රැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක යන මහත්වරුන් සහභාගී වී ඇත.

Read more

Local News