හම්බන්තොට නව රෝහලේ ඖෂධවේදීන් විරෝධතාවයක

Share

හම්බන්තොට නව රෝහලේ ඖෂධවේදීන් පිරිසක් අද(09) එම රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

ඒ ඖෂධවේදීන්ට ලබාදුන් නේවාසිකාගාරවලට හෙදියන් බලහත්කාරයෙන් ඇතුළුවීමට විරෝධය පළ කරමින්.

හම්බන්තොට නව රෝහලේ ඖෂධවේදීන් පිරිසක් අද පෙරවරු 11ට පමණ එම රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අතර ඊට රෝහල් සුළු සේවකයින්ගේද සහාය හිමිවිය.

ඔවුන් චෝදනා කරන්නේ ඖෂධවේදීන්ට ලබාදුන් නේවාසිකාගාරවලට හෙදියන් බලහත්කාරයෙන් ඇතුළුවීම පිළිබඳව බලධාරීන් කිහිපවිටෙක දැනුවත් කළද මෙතෙක් ඊට නිසි විසඳුම් ලැබී නොමැති බවයි.

පැයකට ආසන්න කාලයක් වර්ජනය පැවති අතර ඉන් රෝගීන්ද දැඩි අපහසුතාවයට පත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේය.

Read more

Local News