රනිල්ගේ බලාපොරොත්තුව මෙන්න

Share

සිය අපේක්ෂාව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති බවට පත්කිරීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ(09) පස්වරුවේ මැද කොළඹ පැවති ජන හමුවකට එක් වෙමිවන් ඒ මහතා මේබව සඳහන් කළේය.

ණය ගෙනවන්න බැරි ආණ්ඩුව ඔවුන් විසින් බාර ගත් බවත් එය ඔවුන් විසින් දියුණු කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ රටේ ආර්ථිකය දියුණු වන විට වැඩිපුර මුදල් ඇත්තේ මැද කොළඹට බවයි.

මේ අතර කොළඹ නගරය ක්‍රමයෙන් දියුණු කරන බවත් මැද කොළඹට අළුත්ම ආර්ථිකයන් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය

Read more

Local News