සජිත්ගේ බලාපොරොත්තුව

Share

මුළු රටම එක්සේසත් කර නව සංවර්ධිත යුගයක් කරා රට ගෙනයන ගමන තමන් ආරම්භ කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමාදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(10) දින කොට්ටාව, රුක්මලේ, ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරස්ථානයට පැමිණ ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි ගමනට සෙත්පතා පිරිත් සජ්ඣායනා කළහ.

ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් විසින් එහිදී කෙටි අනුශාසනාවක්ද සිදු කළහ.

Read more

Local News