ශ්‍රී ලංකන් ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය බවට පත්වෙයි

Share

ලෝක සංචාරක සම්මාන උළෙලේ දී අඛණ්ඩව 3 වන වරටත් ඉන්දීය සාගර කළාපය වෙත මෙහෙයුම් සිදු කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය පිදුම් ලබා තිබේ.

මෙම සම්මාන උළෙලේ දී ආසියාව සහ ඕෂනියාව ආවරණය වන පරිදි සිදු කෙරෙන ගුවන් ගමන් සමාලෝචනය කර තිබුණ අතර, මෙම උත්සවය මෙම ඔක්තෝබර් මස 12 වැනි දින වියට්නාමයේ දී පැවැත්වූණි.

මේ සදහා ආසියානු කළාපයේ රටවල් ගනනාවක් නියෝජනය කරමින් බැංකොක් ගුවන් සේවය, කැතේ ෆැසිපික් ගුවන් සේවය, චයිනා ඊස්ටන් ගුවන් සේවය, චයිනා සදර්න් ගුවන් සේවය, හයිනාත් ගුවන් සේවය, හොංකොං ගුවන් සේවය, කොරියානු ගුවන් සේවය, මැලේසියානු ගුවන් සේවය, සිල්ක් එයා ගුවන් සේවය සහ සිංගප්පූරු ගුවන් සේවය යන ගුවන් සේවා ඉදිරිපත් වී තිබුණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියානු කළාපයේ ශක්තිමත් සහ ස්ථාවර ගුවන් සේවා සපයන ආයතනය බවට පත්ව ඇති අතර, එය ඉන්දියාවේ ගමනාන්ත 11ක් වෙත සතියකට ගුවන් ගමන් මෙහෙයුම් වාර 121 සිදු කරති.

ඒ අතර චෙන්නායි , ත්‍රිවේන්ද්‍රම් , තිරුචිරපල්ලිය, මුම්බායි, බැංගලෝර්, නවදිල්ලිය , කොචින් , මදුරෙයි, කොල්කොටා , කොයිම්බතූර් , හයිද්‍රාබාද් යන අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත සිය ගුවන් මෙහෙයුම් සිදු කරයි.

එමෙන්ම ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත සතියකට ගුවන් ගමන් මෙහෙයුම් වාර 18 ක් සිදු කරති.

මීට අමතරව මාලදිවයින වෙත සතියකට ගුවන් ගමන් මෙහෙයුම් වාර 21 ක් මෙන්ම මාලදිවයිනේ ගැන් දූපත වෙත එකම සහ ප්‍රථම ගුවන් ගමන් මෙහෙයුම් සිදු කෙරෙන ගුවන් සේවය බවටද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පත් වී සිටියි.

මීට අමතරව බංග්ලාදේශයේ ඩකා, පාකිස්තානයේ කරච්චි සහ ඉස්ලාමාබාද්, නේපාලයේ කත්මණ්ඩු යන නුවර වෙත ඇති අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත ද ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරති.

මීට අමතරව යුරෝපය, මැදපෙරදිග සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 48ක ගමනාන්ත 48ක් වෙත සිය ගුවන් ගමන් මෙහෙයුම් වාර 108 ක් සතියකට සිදු කරයි.

Read more

Local News