සුඛෝපභෝගී වාහනයක් ගැන පැතිර යන කටකතාවලට නොරැවටෙන්න

Share

සුඛෝපභෝගී වාහනයක් ගැන පැතිර යන කටකතාවලට නොරැවටෙන්නැයි ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගෙන් අප විමසීමක් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මට්ටක්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක් ආසන්නයේ පාසලක් අසළ ඊයේ රාත්‍රියේ සුඛෝපභෝගී මෝටර් රථයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් එහි හිමිකරු එම මෝටර් රථයක් එම ස්ථානයේ දමා ගොස් තිබුණු බව ය.

පසුව අද උදෑසන එම පාසලට සිසුන් පැමිණීමේදි එම මෝටර් රථය දැක සිසුන් හා දෙමාපියන් කලබලයට පත්ව පොලීසියට දැනුම් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අනතුරුව පොලීසිය පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු එහි සැකකටයුතු කිසිවක් නොමැති බව අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එබැවින් පැතිරයන කටකතාවලට නොරැවටෙන්න යැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලි සිටී.

Read more

Local News