ගෝඨා 68% ක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරනවා

Share

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 68% ක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

කඩුවෙල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට ඊයේ (19) එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

කිසිදු අවස්ථාවකදි තම ආසනය හො ජයග්‍රහණය කිරීමට නොහැකි පිරිසක් මේ වන විට සංජිත් ප්‍රේමදාස මහතා වටා සිටින බවත් එම නිසා සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට පල්ලම් බහිමින් සිටින බවද මන්ත්‍රීවරයා පවසයි.

දෙමළ ජාතික සංදානය කළ යෝජනා 13ට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වන්නේ නම් එම පෙරමුණද එම යෝජනා වලට කැමැත්ත පල කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News