වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ගැන මහින්ද කියයි

Share

වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමයේ දකුණු පලාත් නියෝජිත හමුව අද (20) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් තංගල්ලේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මෙම රජ්‍ය බැංකු පුද්ගලික කරණය කිරීම ආරම්භ කර ඇති බවයි.

වත්මන් ආණ්ඩුවේ ප්‍රථිපත්තිය එය බවද ඒ මහතා පෙන්වා දෙයි.

බැංකු සියල්ල එකතු කර පුද්ගලීකරණය කර ඔවුන්ගේ අත සෝදා ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

සිය ආණ්ඩුව සමයේ හම්බන්තොට වරාය හැදු බවත් එය සේ වන විට චීනෙට විකුණා ඇති බවද විපක්ෂ නායකවරයා පැවසීය.

මත්තල ගුවන්තොටුපල, අධිවේගී මාර්ග මේ වන විට විකුනන්න සුදානමින් සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

එම ආයතන ලාභ ලබන ආයතන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, ඩී වී චානක, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ යන මහත්වරුන් ද එක් වූහ.

Read more

Local News