ගෝඨාට සහාය දෙන්න එජාප මන්ත්‍රීවරුන් රැසක් ඉන්නවා

Share

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන පලාත් පාලන ආයතන නියෝජිතයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව බැදුම්කර වංචාවේ මුදල් යොදා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට යොමු කර ගන්නා ක්‍රියාදාමයක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ශ්‍රි ලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක් විමට එක්සත් ජාතික පක්ෂයේ පලාත් පාලන ආයතන නියෝජිතයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එක් වෙමින් පවතින බවද මන්ත්‍රීවරයා පැවසීය.

නාවලපිටිය නගරයේදි අද (21) උදැසන විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසීය.

තවද බැදුම්කර වංචාව සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් අමාත්‍යය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පවසයි.

බැදුම්කර වංචාවේ මුදල් මේ දිනවල ජනාධිපතිවරණය සඳහා භාවිතා කරන බවද මන්ත්‍රිවරයා මෙම මාධ්‍යය හමුවේදි පැවසීය.

Read more

Local News