Tuesday, March 19, 2024.

තරුණ පරපුරට අනාගතයක් ගොඩනගන්න පුළුවන් කාටද ?

Share

තරුණ පරපුරට පැහැදිලි අනාගතයක් ගොඩනැගිය හැකි පිරිස සිටින්නේ ජානිධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමේ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ කුලියාපිටිය නගර ශාලාවේ පැවති වයඹ පළාත් තරුණ සමුළුව අමතමිනුයි.

අලුත් ලෙස සිතන පතන පරපුරක් බිහිකිරීම එම කණ්ඩා‍යමේ අරමුණ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඩිජිටල් යුගයකට ගෙනයාමට මේ වන විට කටයුතු කරමින් සිටීම ඊට කදිම නිදසුනක් බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහි දී පෙන්වා දුන්නේය.

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන යටතේ පළමු අදියර ළඟදී ම ක්‍රියාත්මක කරන බවත් ලෝකය දියුණු වන විට සීමා මායිම් වලින් එහාට ගොස් විශ්වය දැකීමේ අවස්ථාව මෙරට දූ දරුවන්ට ලබා දීම එහි මූලික අරමුණ බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දැනුම පදනම් කරගත් සමාජයක් බිහිකළ යුතු බවත් අපි සිතන ආකාරය වෙනස් වියයුතු බවත් පෙන්වා දුන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම් මහතා එවැනි තත්ත්වයක් රට තුළ ගොඩනැගිය හැකි පිරිස සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමේ සිටින බවත් අවධාරණය කළේය.

Read more

Local News