ඉරුදින ප්‍රහාරයට අදට මාස හයක් ගතවෙලා

Share

ඉකුත් අප්‍රේල් 21 වැනිදා කතෝලික දේවස්ථාන 03කට කොළඹ තරු පන්තියේ හෝටල් 03කට ඇතුළු ස්ථාන 08කට ත‍්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කර අදට(21) මාස හයක කාලයක් සපිරෙයි.

මෙම අවාසනාවන්ත ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 250 කට අධික පිරිසකට දිවි අහිමි වූ අතර පුද්ගලයින් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ගතවු කාලය තුළ රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවක් දියත් කෙරුණු අතර එහිදී ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් බෝහෝ පිරිසක් ආරක්ෂ අංශ විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් භාරයේ පසුවෙයි.

කෙසේ වෙතත් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී මාස හයක් ගත වන අද දිනයේදී එම ප්‍රහාරයන් සිදු වූ දේවස්ථානවල සහ දිවයිනේ සෙසු දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආගමික වතාවත් සිදු කෙරුණි.

ඉකුත් අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ එක් ඉලක්කයක් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද බැතිමතුන් වෙනුවෙන් විවෘත කෙරුණි.

ඒ වෙනුවෙන් කටුවාපිටිය දේවස්ථානය අසළ දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ අතර බැතිමතුන් දේවස්ථානය තුළට ඇතුල් කෙරුණේ පරීක්ෂා කිරීමකින් අනතුරුවයි.

දිව්‍ය පූජාව සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන් ද ඒ අතර සිටියේය.

එසේම ප්‍රහාරයෙන් තුවාල ලැබු බොහෝ දෙනෙක්ද අද දිව්‍ය පූජාවට සහභාගී වී සිටියේය.

කෙසේ වෙතත් පාස්තු ප්‍රහාරය සම්න්ධයෙන් වගකිවයුත්නත් විසින් නොයෙක් කමිටු පත් කළ ද තවමත් ප්‍රහාරයට මුහුණ දුන් ජනතාවට සාධාරණයක් වී නොමැත.

Read more

Local News