මසුන් ආනයනය පසුගිය වරට සාපේක්ෂව පහළට – නිෂ්පාදනය ඉහළට

Share

ධීවර අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙන්නේ මෙම වසරේ ශ්‍රී ලංකාවේ මසුන් ආනයනය පසුගිය වරට සාපේක්ෂව 23%කින් පහළ ගොස් ඇති බවයි.

වසර 2017 ආනයනය කරන ලද සමස්ත මසුන් හා මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 73,000ක් වන අතර එය වසර 2016දී මෙට්‍රික් ටොන්1,20,000කි. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 10,000කින් ඉහළ යාම එම වාර්තා කියයි.

මෙම වසරේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3,89,000 ක්වූ අතර එය 2016 වසරේදී වාර්තා වූයේ මෙට්‍රික් ටොන් 3,79,000ක් වශයෙනි.මෙය ප්‍රතිශතයක් ලෙස ගත්විට 3%ක ඉහළ යාමකි.

Read more

Local News