ඉරුදින ප්‍රහාරය සාධාරණීකරණය කර විඩියෝවක් නිකුත් කළ මවුලවිට ඇප

Share

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව පාස්කු ප්‍රහාරය සාධාරණීය කරමින් ෆේස්බුක් හරහා විඩියෝවක් නිකුත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ ‍මවුලවිවරයෙකු ඊයේ (23) ඇපමත නිදහස් කිරීමට වව්නියාව මහාධිකරණය නියෝග කර ඇත.

එම්.මුනවුජිත් මවුලවි නමැති සැකකරු පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව විදේශයක සිට පාස්කු ප්‍රහාරය සාධාරණීය කරමින් මුස්ලිම් ජනතාවගේ නැගී සිටීම සාධාරණය කරමින් පසුගිය මැයි මාසයේදී ෆේස්බුක් හරහා වීඩියෝවක් නිකුත් කොට ඇත.

සැකකරු අනතුරුව විදේශගතව සිට නැවත පැමිණෙන අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මැයි මස 11 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අධිකරණයට ඉදිරිපත්කළ සැකකරු අනුරාධපුර බන්ධනාගාරගතව සිටි අතර සැකකරු 22 වැනිදා වවුනියාව මහාධිකරණයවෙත ඉදිරිපත් කොට තිබු අතර, එහිදි මහාධිකරණය සැකකරු වෙනුවෙන් ඇප නියම කොට තිබිණ.

සැකකරු ඇප කොන්දේසි 22 වැනිදා සම්පූර්ණ නොකළ බැවින් සැකකරු ඊයේ (23) දිනයේ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම හේතුවෙන් ඇප පිට නිදහස් කිරීමට කොට තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය හා ත්‍රස්ත විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News