ගෝඨා ජනපති වුනොත් වතුකරයේ ජනතාවට ඉල්ලීම් ලැබෙයිද ?

Share

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති කරවිමෙන් අනතුරුව වතුකරයේ ජනතාවගේ ඉල්ලිම් ලබා ගැනිමට හැකි බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

ආරුමුගන් තොණ්ඩමන් මහතා එ බැව් කියාසිටියේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා අද (24) හැටන් දික්ඔය ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිත වැඩ කරන ජනතාව වෙතට ගොස් පැවැත්වු පොකුරු රැස්විම් කිහිපයක් අමතමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු තොණ්ඩමන් මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රටේ බහුතර ජනතාවගේ කැමැත්ත ලැබි ඇති බවත්, 70% ජන්ද ප්‍රතිශතයකින් මේ රටේ ජනාධිපති වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්දය ලබා දි එතුමා තවත් ශක්තිමත් කිරීමේ වතුකරයේ ජනතාවගේ  අයිතිවාසිකම් එතුමාගෙන් ලබා ගත හැකි බවයි.

වතුකරය නියෝජනය කරන ඇතැම් දේශපාලනඥයින් මත්පැන් ලබා දි වතුකරයේ ජනතාවගේ ඡන්දය ලබා ගන්නා බවත්, මෙවර  එම ක්‍රමය අනුගමනය නොකර තම අයිතිවාසිකම් ලබාදෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට තම ඡන්දය ලබාදිය යුතු බවයි තොණ්ඩමන් මහතා කියා සිටියේ.

වතුකරයේ ජනතාවගේ වැටුප් ප්‍රශ්නයේදි රජය මගින් රු පනහක අමතර වැටුපක්  ලබාදෙන බව පවසා එම මුදල මෙතෙක් ලබා නොදුන් වතුකරයේ ඇතැම් දේශපාලන නායකයින් දිපාවලි උත්සව සමය වෙනුවෙන් රජය  මගින් රු පන්දහසක උත්සව අත්තිකාරම් මුදලක් ලබාදෙන බව පැවසුවද එම මුදල  ලබා නොදෙන බවයි තොණ්ඩමන් මහතා කියා සිටියේ.

Read more

Local News