ගෝඨාගේ දැක්ම App එකකින් තරුණයින්ට

Share

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය අද(25) පෙරවරු 9.45 ට පමණ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදි ආරම්භ විය.

ඒ ගෝඨාභය රාජපක්ෂ , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හා පූජ්‍ය පක්ෂය, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, දේශපාලනඥයින් වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

ඉදිරි පස්වසර වෙනුවෙන් සකස් කෙරුණු ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර තිබුණේ ”ගෝඨාභය රට හදන සෞභාග්‍යෙය් දැක්ම” ලෙසයි.

ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථමයෙන්ම මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය වෙත සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පිරිණමනු ලැබීය.

අනතුරුව එය පිරිණැමුණේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙතයි.

පසුව උත්සව සභාව අමතමින් ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉදිරි දැක්ම පැහැදිලි කළේය.

අනතුරුව ප්‍රතිපත්ති ප්‍රකාශනය නව තාක්ෂණය ඔස්සේ තරුණ ප්‍රජාවට භාර කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඉන් අනතුරුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පිරිණැමුනේ වෘත්තියවේදීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් හා දේශපාලනඥයින් වෙතයි.

Read more

Local News