තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සිට

Share

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (31) ආරම්භ වෙයි.

ඒ සඳහා දින 04 ක් ලබාදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

ඒ අනුව හෙට දිනයට අමතරව නොවැම්බර් 01 වැනිදා, 04 වැනිදා සහ 05 වැනිදා යන දිනවල ද තැපැල් ඡන්ද දායකයින්ට සිය සේවා ස්ථාන තුළදී ඡන්දය ප‍්‍රකාශ කළ හැකියි.

තැපැල් ඡන්ද විමසීම අධීක්ෂණය සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක බව වාර්තා වේ.

Read more

Local News