නැගෙනහිර ජනතාව උදේම ගිහින් පොහොට්ටුවට ඡන්දය දෙන්න

Share

නැගෙනහිර වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැඟීමට ඇති අවසන් අවස්ථාව මෙවර ජනාධිපතිවරණය බව ඉලන්ගෙයි තමිල් අරසු කච්චෙයි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ(29) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මඩකලපුවේ පැවැති ජනරැලියකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“මේ රජය ටී.එන්.ඒ. සහය තමන්ට අවශ්‍ය වෙලාවට අවුරුදු හතරාමරක් තිස්සේ අරගත්තා.

ටී.එන්.ඒ අවශ්‍යතා ඒ අය මගඇරලා තියෙනවා.

උතුරට වඩා නැගෙනහිර තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. නැගෙනහිර පළාතේ මිනිසුන්ගේ තත්ත්වය ගොඩනගාගන්න තියෙන අවසන් අවස්ථාව මේක.

මේ ජනාධිපතිවරණයේදී නැගෙනහිර පළාතේ ඉන්න දෙමල ජනතාව සජිත්ට ඡන්දය දුන්නොත් ඒ අයව දෙවියන්ටවත් බේරගන්න බැරිවෙයි.

නැගෙනහිර පළාතේ ඉන්න ජනතාව උදේම ගිහින් පොහොට්ටුවට ඡන්දය දෙන්න.

ජීවන තත්ත්වය ඉහළ දමන්න ඕනේනම් ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරවන්න.“

මේ අතර මෙම ජනරැළියට එක්වු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද නැගෙනහිර දෙමළ ජනතාව දෙමළ බසින් අමතනු ලැබීය.

එහිදී අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙවැනි අදහසකි.

“සහෝදර සහෝදරියනි, ඔබ හා අප අතර ප්‍රශ්න ඇති කරන්න සමහරු උත්සහ කළා.

බොරු ප්‍රචාර කළා. දැන් ඔයාලා හැම දෙයක්ම දන්නවා.

නැගෙනහිර නවෝදය වැඩසටහනෙන් ඔබට කරපු හොඳ දේවල් ඔබ දකින්න ඇති. දෙමළ කතා කරන මිනිස්සු මේ රටේ සැනසීමෙන් ජීවත් වෙන්න ඕන.

ඔළුව කෙලින් තියාගෙන ඉන්න ඕන. අපි යළිත් ඒ දේ ඇති කරනවා. මාව විශ්වාස කරන්න. මම කියන දේ කරනවා. කරන දේ කියනවා. “

Read more

Local News