2017 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 3.3% වර්ධනයක්

Share

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ 2017 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 3.3% වර්ධනයක් වාර්තා කරන බව 2017 තෙවන කාර්තුවට අදාළව ජාතික ගිණුම් ඇස්තමේන්තු  නිකුත් කරමින්
ඒ අනුව මෙම වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් (2010) යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,351,384 ක් ලෙස ඇස්තමේන්තු කොට ඇත. එය 2016 වර්ෂයේ තෙවන කාර්තුව සදහා රුපියල් මිලියන 2,276,896 ක් විය.
කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) පවත්නා මිල ගණන් යටතේ 2017 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වා ඇති  දායකත්වයන් පිළිවෙලින් සියයට 7.6 ක්, සියයට 27.8 ක්, සියයට 56.3 ක් සහ සියයට 8.3 ක් ලෙස වාර්තා වේ. තව ද මෙම කාර්තුවේ දී සේවා අංශයේ ආර්ථික කටයුතු සියයට 4.3 ක ප්‍රසාරණයක් වාර්තා කර ඇති අතර කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු ද සියයට 1.9 ක වර්ධනයක් වාර්තා කර ඇත. එහෙත් කෘෂිකාර්මික ආර්ථික කටයුතු වාර්තා කර ඇත්තේ සියයට 3.3 ක ඝෘණ වර්ධනයකි. මෙය 2010 වර්ෂයේ සිට මේ දක්වා කෘෂිකාර්මික ආර්ථික කටයුතු සම්බන්ධයෙන් තෙවන කාර්තුවේ දී වාර්තා වු විශාලත ම ඝෘණ ආර්ථික වර්ධනය ද වේ. පසුගිය වර්ෂ දෙක තුළ ම පාහේ දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවලට බලපෑ වගා කටයුතු සදහා හිතකර නොවන කාලගුණික තත්ත්ව නිසා කෘෂිකාර්මික ආර්ථික කටයුතු පසුගිය කාර්තු 7 සඳහා අඛණ්ඩව ඝෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.

Read more

Local News