බිත්තරයක තොග මිල අඩුවෙයි

Share

ජනතාවට සහන සැලසීම සඳහා අද (07) සිට සාමාන්‍ය බිත්තරයක තොග මිල රුපියල් දහතුන දක්වා අඩු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

ග්‍රෑම් 55කට වැඩි බිත්තරයක තොග මිල රුපියල් දාහතක් බවත්, මේ මස අවසන් වනවිට ග්‍රෑම් 55කට වැඩි බරින් යුත් බිත්තරයක මිල රුපියල් දාහතරක් දක්වා පහත දැමීමට කටයුතු කරන බවත් එම සංගමයේ සභාපති ආර්.එම්. සරත් මහතා සඳහන් කළේය.

මේ වනවිට බිත්තර ඉල්ලුම ඉහළ යමින් තිබෙන අතර, මේ නිසා ජනතාවට සහන සැලසීම සඳහා බිත්තර මිල පහළ දැමීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

බිත්තරයක සිල්ලර මිල රුපියල් විසිදෙක දක්වා ඉහළ ගිය බවත්, එහෙත් තොග මිල පහත දැමීමත් සමග සිල්ලර මිල රුපියල් 20 දක්වා අඩු වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

Read more

Local News