නවක වදයට ලක්වු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවෙකු රෝහලේ

Share

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට නවක වදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලීසිය සදහන් කළේ මෙලෙස නවක වදයට ලක්ව ඇති දියතලාව ප්‍රදේශයේ පදිංචි අදාළ සිසුවා මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. නවක වදයට ලක්වීම හේතුවෙන් ඔහු දැඩි ලෙස මානසික පීඩනයට ලක්ව ඇති බවයි වෛද්‍ය වාර්තාවෙන් අනාවරණ වී ඇත.

මොහු පසුගිය සති අන්තයේ නිවාඩුවට සිය නිවස බලා ගොස් ඉකුත් 16 වනදා යළි විශ්වවිද්‍යාලයට පැමිණෙමින් සිටියදී ගලහ මංසන්ධියේදී ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් තුන්දෙනෙකු ඔහුව ග්‍රහණයට ගෙන ඇති අතර සිසුවා විශ්වවිද්‍යාල භූමියේ ජනශුන්‍ය ප්‍රදේශයකට රැගෙන ගොස් දරුණු ලෙස නවක වදයට ලක් කර ඇති බවයි පොලීසිය සදහන් කළේය.

Read more

Local News