නවසීලන්තය පරදා එංගලන්තයට ලකුණු 76ක ජයක්

Share

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති සිව්වන 20/20 ක්‍රිකට් තරඟයෙන් ලකුණු 76ක ජයක් හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 241ක් ලබාගෙන තිබේ.

එම ඉනිමේදී තම ඉහළම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඩාවිඩ් මලන් සහ නායක ඉයන් මෝගන් සමත් වුණි.

ඒ අනුව මලන් පන්දු 51 තුළ නොදැවී ලකුණු 103ක් රැස් කළ අතර මෝගන් පන්දු 41 ක් තුළ ලකුණු 91 ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 165ක් පමණයි.

Read more

Local News