රටටම එළිය දෙන විදුලිබල මණ්ඩලය අඳුරේ – ජනපති

Share

රටටම එළිය දෙන විදුලිබල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනිම සඳහා කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 89ක පාඩුවක් මේ වසර වනවිට ලබා ඇති බවයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේ පැවැති  “විදුලි පුරාණය“ ග්‍රන්ථය  එළිදැක්විමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සම්බන්ධයෙන් ද අදහස් පල කළේය.

විදුලි බල මණ්ඩලයේ සිදුව තිබෙන දැවැන්ත කඩාවැටීම පිළිබඳ වගකීමේදී මහජන උපයෝගිතා කොමිසමට ඉන් නිදහස් විය නොහැකි බව ද ජනාධිපතිවරයා කියාසිටියේ ය.

මේඅතර ජලසම්පාදන, ඛනිජතෙල් සහ ශ‍්‍රී ලංකා ගුවන් සේවය යන ආයතනවල සිදුවන අක‍්‍රමිකතා රට දැවැන්ත ආර්ථික අගාධයකට ඇඳදමා තිබෙන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ආණ්ඩුවක් ලෙස තීන්දු තීරණ ගැනීමේදී මෙම ආයතනවලින් රටේ ආර්ථිකය බේරා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ද සඳහන් කළේය.

විදුලිබලය පිළිබඳ නිත්‍ය නේවාසිකයකු, පර්යේෂකයකු හා සමීක්ෂණයකු ලෙසපුළුලබ අත්දැකීම් සම්භාරයක් ඇති රූබන් වික‍්‍රආරච්චි මහතා විසින් “විදුලිපුරාණය” ග‍්‍රන්ථය සම්පාදනයකර තිබෙන අතර ප‍්‍රාග්ඉතිහාසයේ සිට මේ දක්වා ලංකාවේ සහ ලෝකයේ සිදුවූ විදුලිය පිළිබඳ වැදගත් හාසත්‍යකරුණු එහිඅන්තර්ගත ය.

ග‍්‍රන්ථයේ පළමුපිටපත රූබන්වික‍්‍රම ආරච්චි මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

Read more

Local News