හිස්බුල්ලා එජාපය සමඟ කිසි ගණුදෙනුවක් නැ – කාවින්ද

එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා යනු එක්සත් ජාතික පක්ෂයත් සමඟ කිසිදු ගණුදෙනුවක් නැති දේශපාලකයෙකු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා විසින් තමාට පළමු මනාපය ලබා දී දෙවන මනාපය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නයැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන වීඩියෝව ජාතීන් අතර සජිත් ප්‍රේමදාස මහතා කෙරේ ඇති විශ්වාසය පළුදු කිරීමට ගත් උත්සාහයක් බවත් එහි කිසිදු සත්‍යතාවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවක දී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

“හිස්බුල්ලා කියන දේශපාලකයා කිසිදු ලෙසකින්වත් එක්සත් ජාතික පක්ෂයත් සමඟ ගණුදෙනුවක් තිබුණේ නෑ.

අන්තිම මොහොතේ ඔහු මෙහෙම වීඩියෝවක් නිකුත් කරන්නේ සිංහල, මුස්ලිම් ජනතාව හා සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති විශ්වාසය පළුදු කරන්න.

2005 පැවති රජයේ ප්‍රධානීන් එල් ටී ටී එකත් එක්ක කුමන්ත්‍රණයක් කරලා රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය උදුරාගත්තා වගේ දැන් නැවත ජාතීන් අතර අසමගියක් ඇති කරලා දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරමින් ඉන්නවා.

උතුරු-නැගෙනහිර ඊයේ දිනයේත් පෙට්‍රල් බෝම්බ 2ක් ගහලා තිබ්බා.

මේ ජනතාව බය කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා.

නීති විරෝධි කටයුතු කරන කිසිම කණ්ඩායමක් එක්ක අපේ සම්බන්ධයක් නෑ.”