මැතිවරණ රාජකාරීයට පැමිණි නිලධාරීන් 51ක් ආහාර විෂවීමකින් රෝහල් ගතකෙරේ

Share

ආහාර විෂවීමක් හේතුවෙන් මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් 51 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර ඇති බව පොලීසිය පැවසීය.

දහවල් ආහාරය ලබාගැනීමෙන් අනතුරුව උදර වේදනාව හා වමනය යන රෝගී තත්වයන් මතුවීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

රෝහල් ගත කළ පිරිස අතර මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීනියන් මෙන්ම සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ද වන බව වාර්තා වෙයි.

Read more

Local News